Header

“ඇසිඩ් තුළින් මගේ රසිකයෝ මාව දකින්න ඇති ”

කලා ලෝකයේ රස මුසු ඉසව් සොයා යන අපේ චාරිකාවේ අද නවාතැන සොදුරු රුවැත්තියකගේ කතාබහක් එක්ක රදවන්නට අපි හිතුවා. ලස්සන හෙට දවසක කලා ලොව මතක තබන්නට ඕනෑවටත් වඩා හැකියාව තියෙන අපිත් එක්ක කතාවට එකතු වෙන මේ හැඩකාර රංගන ශිල්පිනිය තමයි චන්දි අනූපමා.
# # ඉතිං චන්දි කොහොමද
වරදක් නෑ.. හොදින්
# # චන්දි කියන්නෙ කව්ද කියලා චන්දිම කිව්වොත්
චන්දි කියන්නෙ සරළ , කෙළින් කතා කරන , සාමාන්‍යයෙන් කාන්තාවකට තියෙන්න ඕන කියලා සම්මත හැම හැකියාවක්ම අවශ්‍ය තරමට තියෙන පොළවෙ පය ගහල ජීවත් වෙන පියරු බබාලාගෙන් එහාට ගිය මට කියල අනන්‍යතාවයක් එක්ක පෞරුෂයක් තියෙන සාමාන්‍ය චරිතයක්.

FB_IMG_1484827056786
## ඔබ කලාවට අවතීර්ණ වන්නේ කොහොමද
මම කලාවට එන්නෙ නිරූපණය හරහා. විශේෂයෙන් මනාලියන් දැක්ම තුළ මම ස්ථාවර මට්ටමක හිටියා. 2003 අවුරුද්දේ සන්ඩේ ඔබ්සවර් මිස් ලංකා තරගයේ අවසන් දහ දෙනාගේ වටය දක්වා මම ආවා. එතැනින් තමයි මම ක්ෂේත්‍රයට එන්නෙ. පරාක්‍රම දිනිත්‍රී මහතා මගේ ගමනේ ප්‍රබල හයියක් වුන කෙනෙක්. ඒ තමයි මගේ ආරම්භය.
## ඔබ වෙළද දැන්වීම් ක්ෂෙත්‍රයටත් සම්බන්ධයි නේද
ඔව්.. මම බොහෝ අයට මතක හිටින වෙළද දැන්වීම් බොහොමයක පෙනී සිටියා. ඒ වගේමමගේ කියා ඈත් වෙලා, දුක නෙතේ වගේ මේ වර්තමානයේ අතිශය ජනප්‍රිය වුන ගීත රචනා සදහාත් මම දායකත්වය සැපයුවා

06 (3)
## නිරූපණය, වෙළද දැන්වීම් වගේම ගීත රූප රචනා කියන සියළු ක්ෂෙත්‍ර වල දක්ෂතා දකින්න පුළුවන් ඔබ රංගනයට එන්න කැමැති නැද්ද
මම රංගනයෙත් යෙදෙනවා. මගේ පළමු ටෙලි නාට්‍ය රංගනය චාමර ජිනරාජ් පීරීස් ගේ “ඇසිඩ්“ තුළින් මගේ රසිකයෝ දකින්න ඇති. ඒ චරිතය උප ප්‍රධාන චරිතයක්. මට ලැබෙන ප්‍රතිචාර එක්ක හිතනවා මම ඒ චරිතයට සාධාරණයක් කරල තියෙනවා කියල. ඒ වගේම චාමර ජිනරාජ් ගේ නවතම ටෙලිනාට්‍ය යේ ප්‍රධාන චරිතයටත් මට ආරාධනා ලැබිල තියෙනවා. ඒකෙත් වැඩ කටයුතු ඉතාම ඉක්මනින් පටන් ගනියි. අත්දැකීම් පිරි ඒ වගේ අධ්‍යක්ෂවරයෙක් එක්ක මම රංගනයටත් ආව එක ගැන මම හරි සතුටෙන් ඉන්නෙ. ඒ වගේම මම සිනමාවට හරිම කැමැතියි. මට ගැළපෙනචරිතයක් සදහා මම සිනමාවට එන්න කැමැත්තෙන් ඉන්නෙ

FB_IMG_1484827112740
##ඔබට ගැළපෙන කියලා ඔබ කියනවා. ඒ තියන්නෙ ඔබ චරිත තෝරා ගැනීමක් කරනවා කියන එකද
අනිවාර්යෙන්.. මම රගපාන්නෙ මට වැඩක් කළ හැකි ප්‍රේක්ෂකයාට මතක හිටින රංගනයක් ඉදිරිපත් කළ හැකි චරිත පමණයි. රගපාන්න ඕන නිසා දෙන ඕනෑම චරිතයක් කරන්න මම එකග නෑ. චරිතය තුළ මට හැකි උපරිමය කරන්න යි මට ඕන. මම බොහෝවිට තෝරා ගන්නෙ ප්‍රධාන හෝ උප ප්‍රධාන චරිත විතරයි.

09 (1)
## රංගනය ද නිරූපණද වඩාත් පහසු
නිරූපණය.. නිරූපණය වඩා පහසුයි. රංගනය කියන්නෙ අත්දැකිම් එක්කම පරිණත වෙන විශ්ව විද්‍යාලයක්. රංගනය කියන්නෙ අපි නිවැරදි හැදැරීමක් එක්ක ම යන්න ඕන ක්ෂෙත්‍රයක්. මම ඉදිරියේදී රංගනය ගැන විධිමත් හැදෑරීමක් විදේස්ගත වෙලා ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ
## ගොසිප් ගැන මොකද හිතන්නෙ
අපි ගැන ගොසිප් හැදෙනවාකියන්නෙ මිනිස්සු අපි ගැන කතා වෙනවා කියන එකටනේ. ඒ කියන්නෙ අපි ගැන කතා කරන්න දේවල් මිනිස්සුන්ට තියෙනවා. මම ඒක ගැන වද වෙන්නෙ නෑ ඒ නිසා..
## ඔබ ඉදිරියේදී ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙන නිරූපණ තරගාවලි මොනවද
එකක් වත් නෑ.. මොකද නිරූපණ තරග කියන්නෙ ඇදිලි තියෙන තැනක්. ඒ වගෙ තරග වලින් ලැබෙන දෙයක් නෑ
එහෙනම් චන්දි … වෙනස් කතාවක වෙනස් තැනක අපි ආයේත් හමුවෙමු.
By Nini
FB_IMG_148482703482308 (4)

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *