Header

මේ ෆීල්ඩ් එකේ නාස්ති වෙන්න හරි ලේසී,නම තියාගන්න හරි අමාරුයි කියලා තමයි නවකයන්ට කියන්න තියෙන්නේ

මේ දිනවල ලංකාවේ ජනප්‍රිය නිරූපණශිල්පිනියන් අතර ඇයට හිමි වෙන්නේ සුවිශේෂි ස්ථානයක් .කතාබහට ලක්වුණු රංගන දායකත්වයක් පිරිනැමූ ඇය  ඕෂධී හිමාෂා. දැන්නම් ඇයව ගොඩක් අය දන්නේ “ආශාවරී” විදිහට.

ඒත් මේ ගොඩක් අය දන්න ආශාවරීගේ ගොඩක් අය නොදන්න කතාවක් කියන්නයි මේ සූදානම.

ආශාවරී කියන්නද ඕෂධී කියන්නද?

ගොඩක් අය මාව දන්නෙ ආශාවරී විදියට.ඒත් ජාත්‍යන්රයට ගියේ ඕෂධී විදියට.ඒ නිසා ඕෂධී කියමු. (සිනා)

ඉතින් කියමු මේ සොදුරු රුව ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ බැබළවූ හැටි?

ඔව් 2016 වුරුද්දේ තුර්කියේ ඇනටාලයා නුවර පැවැත්වුණ Faces of the World – http://www.faceoftheworld.info/ 2016පැජන්ට් එකට තමයි මම ගියේ. එහිදි මට හොඳම සංචාරක නිරූපණ ශිල්පිනිය ලෙසත් Best model of Asiaකියන title දෙකක් මට ආවා. ඒක තමයි ලංකාව නියෝජනය කරන්න ලැබුණ මගේ පළවෙනි අවස්ථාව. ඉතිං ගොඩක් සතු‍ටුයි ඒ ගැන.

 කොහොමද ඒකට සහභාගී වෙන්න අවස්ථාව හිමි වුණේ, මොන වගේ සුදුසුකම් ද සපුරන්න ඕන ?

පැජන්ට් එකට මාව නොමිනේට් කරන්නේ විශ්ව පෙරාරා.විශ්ව පෙරේරා තමයි ලංකාවේ නැෂනල් ඩිරෙක්ටර්.සුදුසුකම් ගැන කියද්දි මට තිබුණු අත්දැකීම්,රූපය,‍ සිරුරේ හැඩය සහ උස  ඇතුළු නිරූපණ ශිල්පිනියකට තියෙන්න ඕන සියලු සුදුසුකම් තමයි මෙහි  මූලිකවම බැලුවේ.

ලෝකයේ අනෙකුත් රටවල තරඟ කරුවන්ගෙන්  ඔබට එල්ල වුණේ කොයි විදිහේ අභියෝගයක්ද ?

අනිත් රටවල් වල තරඟකාරියන් ලොකු අභියෝගයක් වුණා,මොකද ඒක මගේ පළවෙනි පැජන්ට් එක.ලංකාවේ වත් ලෝකයේ වත් මීට කලින් මම පැජන්ට් වලට සහභාගී වෙලා නෑ.අනෙක් රටවල් එක්ක ගත්තම එම රටවල් නිරූපණ ශිල්පිනියන් විශාල අත්දැකීම් සහ සුදුසුකම් එක්කයි ඇවිල්ලා හිටියේ.ඉතින් ඔවුන් එක්ක තරඟ කිරීම මට ලොකු අභියෝගයක් වුණා වගේම ලොකු අත්දැකීමක් වුණා.

14341697_1126493090777870_785067779_n

 ශ්‍රී ලංකාව තුළ නිරූපණ ක්ෂේත්‍රයට මොනවගේ පිළිගැනිමක්ද හිමිව තිබෙන්නේ?

ශ්‍රී ලංකාවෙ  නිරූපණ ක්ෂේත්‍රයට තිබෙන්නෙ ටිකක් අඩු පිළිගැනීමක්.මොකද ලංකාව කියන්නේ හොඳ සංස්කෘතියක් තියෙන රටක්.ඉතින් ඒ සංස්කෘතියත් එක්ක නිරූපණ ක්ෂේත්‍රය දිහා මිනිස්සු ටිකක් සැකෙන් බලන අවස්ථා වැඩී.ඒ වගේම මිනිස්සුන්ගේ ආකල්ප හැදිලා තියෙන්නේත් මම මුලින් කියපු සංස්කෘතික පසුබිම එක්ක.එහෙම අවස්ථාවක වැඩක් කරන්න ගියාම සිය දහස් වාරයක් හිතන්න අවශ්‍යයි.ලෝකයේ අනෙක් රටවල් එක්ක ගත්තහම ලංකාවට නිරූපණ ක්ෂේත්‍රයේ තියෙන්නේ ටිකක් අඩු තත්ත්වයක්.

තරඟ කාරියක් විදිහට ඔබ පුද්ගලිකව මුහුණ  දුන් අභියෝග මොනවද ?

මම ඉස්සෙල්ලා කීව වගේ තරඟාවලියට සහභාගී වුණ හැම තරඟකාරියක්ම ගොඩක් පළපුරුද්ද එක්ක ආව අය.ඊට අමතරව ඔවුන් ගොඩක් දක්ෂයි.ඒ වගේම උස කියන සාධකය ගත්තොත් පිට රටක නිරූපණ ශිල්පිනියකගේ උස සාමාන්‍යයෙන් 5.8′ වගේ වෙනවා.පෞද්ගලිකව මගේ උස 5.5′. ලංකාවෙන් නියෝජනයක් කරනකොට ඒ වගේ දේවල් ලොකු අභියෝගයක් වුණා.

14348754_1126492944111218_2145952219_n

අනාගතයේ  නිරූපණ ක්ෂේත්‍රෙයන් මෙවන් තරග වලට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ආධුනිකයන්ට දෙන්න තිබෙන වැදගත්ම පණිවිඩය කිව්වොත් ?

මම කලින් කීවා වගේ  අපේ  රටේ මේ ෆීල්ඩ් එකට පිළිගැනීම ගොඩක් අඩුයි.ෆීල්ඩ් එකේ යන්න තියෙන පැති ගොඩක් තියනවා.තමන් අවබෝධයෙන් තමන් යා යුතු පැත්ත තීරණය කරගන්න ඕන.ෆීල්ඩ් එකට ආදරෙන්,උනන්දුවෙන්,කැපකීරීමෙන් සහ නිසි අධ්‍යනයක් ඇතුව ඉදිරියට යන්න පුළුවන්නම් ඒක ගොඩක් වටිනවා.එකපාරම අහසින් කඩා පාත් වුණා වගේ ෆීල්ඩ් එකේ නම තියන්න උත්සහ කරනවට වඩා හෙමින් නිවැරදි ගමනක් යන්න පුළුවන්නම් ගොඩක් හොඳයි.මොකද මේ ෆීල්ඩ් එකේ නාස්ති වෙන්න හරි ලේසී,නම තියාගන්න හරි අමාරුයි කියලා තමයි නවකයන්ට කියන්න තියෙන්නේ.

සංඛ රඹුක්වැල්ල – m_sankarambukwella@yahoo.com

14341812_1126495354110977_1958305529_n 14348668_1126494587444387_978463044_n14330948_1126495364110976_1460714076_n14348879_1126495457444300_2052797514_n14348876_1126494980777681_391964401_n14341432_1126495407444305_72703855_n14349072_1126494167444429_2064312847_n14348868_1126493327444513_1666807447_n

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *