Header

රගපාන්න පටන් ගත්ත දවසට ප්‍රේක්ෂකයින්ට අමතක වෙයි මම නිවේදිකාවක් කියලා.

ඇය නමින් ෂෙහානි විජේතුංග.  නිවේදිකාවක් ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන ඇය අද වන විට නිරූපණ ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයින්ට දැක ගන්නට පුළුවන්.

ෂෙහානි කොහොමද?මොනවද ඔයාගේ අලුත් විස්තර?

හ්ම්……….සතුටින් කාලය ගත කරනවා.මේ දවස් වල අලුත් මියුසික් වීඩියෝ එකක කටයුතුත් සමග කාර්ය                                            බහුල වෙලා ඉන්නවා.

ෂෙහානි ඔයාගේ ගම් පළාත එහෙම කොහොම ද?

මම කඩවත.

3

ඔයා ක්ෂේත්‍රයට මුල් අඩිය තිබ්බේ කොතනින් ද?

මම සමාජ වෙබ් අඩවි හරහා මගේ ගොඩක් ඡායාරූප පල කරනවා.ඒ ඡායාරූප දැකලා තමයි මට මුලින්ම මියුසික් වීඩියෝ එකකට ආරාධනා ලැබුණේ.

ඔයාට ඒ ආරාධනාව ලැබුණම මොනවගේ දෙයක් ද හිතට ආවේ?

තේරෙන කාලෙ ඉදලම මම මේ ක්ෂේත්‍රයට ගොඩක් කැමැත්තෙන් ඉදියා.මම ඒ ආරාධනාව සතුටින් භාර ගත්තා.

14

මේ දවස් වල මේ ක්ෂේත්‍රය පිළිබද පැතිරෙන කටකතාත් එක්ක ඔයාට බයක් හිතුණෙ නැද්ද?

නැහැ.මොකද මුල ඉදලම අදටත් මගේ හෙවණැල්ල වගේ මගේ අම්මා මගේ පස්සෙන් හිටියා.මම රූපගත කිරීම් වලට ගියත් අම්මා එක්ක තමයි යන්නේ.ඒ නිසා මට බයක් දැනුණෙ නැහැ.

දැන් රගපාන්නත් ඇරයුම් ලැබෙනවා ඇති නේද?

ඔව් මම කලින් ස්වර්ණවාහිණියේ රෑගත වුණු කොටස් 35ක කෙටි නාට්‍යක රගපාලා තියෙනවා.ඉදිරියට ඇරයුම් ලැබුණොත් අනිවාර්යයෙන්ම මම රගපෑමට යොමු වෙනවා.

10

ඔයාට අවස්ථාවක් ලැබුණොත් ඔයා කැමති ප්‍රේමවන්තියගේ චරිතයට ද?

නැහැ.එහෙම නැහැ.මට ලැබෙන අවස්ථාව ටිකක් අධ්‍යනය කරලා මගේ හැකියාව උපරිමයෙන්      පෙන්වන්න පුළුවන් කියලා හිතෙන ඕනෑම චරිතයක් කිසිම ‍භේදයකින් තොරව භාර ගන්නවා.

ඔයාගේ උසස් අධ්‍යාපන කටයුතු එහෙම කොහොම ද?

මම දැනට මෘදුකාංග ඉංජිනේරු උපාධිය හදාරමින් ඉන්නවා.

18

එතකොට ෂෙහානි ඔයාගේ අනාගත බලාපොරොත්තු?

මගේ උසස් අධ්‍යාපන කටයුතුත් කලා කටයුතුත් දෙකම සමබරව කරගෙන සතුටින් ජීවත් වෙන්න තමා.

මේ වෙද්දි ඔබ ආදරවන්තියක් ද?

හ්ම්………….මම ඒ ගැන කියන්නම ඕනි ද? (සිනාසෙමින්)

BY: රුවිනි කෞශල්‍යා

Photography by Manjula Perera(trianglepix)

Make up by Rasandy Sinharaja(Peony Haritha Deco Beauty Salon)

4 51320

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *