Header

දනුකි වාසනා

මේ දිනවල අපට නිරූපණ ක්ෂේත්‍රයේ සුලභව දකින්නට ලැබෙන චරිතයක් ලෙස දනුකි වාසනා බණ්ඩාරවල  හදුන්වන්නට පුළුවන්.  අද අපි බොස්ටන් ලංකා කතා කරන්නේ ඇයත් සමග….

දනුකි මේ දවස් වල මොකද වෙන්නේ?

මේ දිනවල එක්තරා පෞද්ගලික ආයතනයකින් පවත්වන beauty pagent එකකින් අවසන් 10 දෙනා අතරට තේරී පත් පත් වෙලා ඉන්නවා.ඊට අමතරව ඉංග්‍රීසි පුවත් පතකට photo shoot  එකක් කලා.ඒව තමා ඉතින් මේ දිනවල කරමින් ඉන්නේ.

ඔයාගේ පවුලෙ විස්තර?

මමයි , පප්පයි, අම්මයි , නංගියි ……. නංගි විවාහකයි…..

කොහොමද ඔයා මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

2012 අවුරුද්දෙ දි තමා මම මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්නේ.ඒක හරිම අහම්බයකින් වුණ දෙයක්.ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ශිරෝමි ලංකා මහත්මිය අතින් මම මනාලියක් ලෙස හැඩ ගැන්වුණා.ඒ ජාතික රූපවාහිනියෙ නුග සෙවණ සජීවී වැඩසටහනට.ඇත්තටම ඒක මගේ ඉදිරි ගමනට ලොකු පන්නරයක් වුණා..

6

ඔයා මේ  ක්ෂේත්‍රය පිළිබද අධ්‍යනය කරල තියෙනව ද?

ඔව් අනිවාර්යයෙන්.ඒ ප්‍රවීණ නිරූපණ ශිල්පිනියක් වන නදීකා පෙරේරා මහත්මිය යටතේ.

ඔයා වෘත්තීය නිරූපණ ශිල්පිනියක් ද?

ඔව් දැනට වෘත්තීය නිරූපණ ශිල්පිනියක්.ඒත් මගේ වාරණ කිහිපයක් තියෙනවා.තෝරා බේරා ගෙන ඒ කටයුතු වලට සම්බන්ධ වෙනවා…..

10

ඔබ නිරූපණ ශිල්පිනියක් නිසා ගොඩක් වෙලාවට ඔයාගේ සිරුරේ හැඩය , සම පිළිබද ලොකු අවධානයක් යොමු කරන්න වෙලා තියෙනවා නේද? ඒ සදහා ඔබ විශේෂ යමක් කරනව ද?

මට තියෙන්නෙ ගොඩක් ඉක්මණින් මහත් වෙන්න බලන ඇගක්.ඒ නිසා මට අනිවාර්යයෙන්ම කෑම පාලනය කරන්න වෙලා තියෙනවා.ඊට අමතරව ගොඩක් වතුර බොනවා.ව්‍යායාම වල නිරත වනවා.

නිරූපණ   ක්ෂේත්‍රයේ නියැලී සිටින ප්‍රවීණයන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?

ගොඩක් වෙලාවට අලුතින් කෙනෙක් එනවට කැමති නෑ.ඒ අතර උදව් කරන අයත් නැතිවම නෙමෙයි.මේ   ක්ෂේත්‍රයේ මට යාළුවො ගොඩක් අඩුයි.

7

ඔයාට කට කතා එහෙම ගෙතිල තියෙනවද?

කට කතා එහෙම ලොකුවට හැදිලා නැහැ දැනට.ඉස්සරහට හැදෙයි.මොකද කතාවක් තියෙනව නේ අපි ඉහළට යන්න යන්න මිනිස්සු අපි ගැන කතා හදනවා වැඩියි කියල..

මේ ක්ෂේත්‍රයට අලුතින් එන්න ඉන්න අයට ඔයාට මොකක් ද දෙන්න තියෙන පණිවිඩය?

ඔයා හොද ප්‍රශ්නයක් ඇහුවෙ…මට කියන්න තියෙන විශේෂම දේ තමා මේ  ක්ෂේත්‍රයට එනව නම් මේ පිළිබදව හොද හැදෑරීමක් කරල එන්න කියල තමා…..

BY: රුවිනි කෞශල්‍යා

4

image-0-02-06-f30ebaf709e7d256e7f7551d2aa27b30cdf6c346f400fb5d2519c6f17cfbfd1b-V5

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *