Header

‘සෙනෙහෙබර ධනුද්ධර’ මුණගැහුෙණ ෙසෟන්දර්ය විශ්ව විද්‍යාෙලදි

සංවාදය සහ සටහන පාලිත අබේලාල්:

තමන් රඟපෑ පළමු වේදිකා නාට්‍යයෙන්ම හොඳම නිළිය ලෙස සම්මානය දිනාගැනීම කොතරම් අපූරු දෙයක්ද? මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ ගිරිකූඨ කාශ්‍යප නාට්‍යයේ කාශ්‍යප දේවිය ලෙස රංගනයේ යෙදුණු දිනූපා කෝදාගොඩ එම ජයග්‍රහණය තමනගේ දෑතට තුරුළු කරගත්තේ තමන්ගේ සහෘද සහෝදර සහෝදරියන්ගේ උණුසුම් ප්‍රතිචාරයන් මැද්දේය. මේ ඇගේ ජයග්‍රහණය පිළිබඳව බොස්ටන් ලංකා සමඟ දැක්වූ අදහස්ය.

  1

පළවෙනි නාට්‍යයෙන්ම සම්මානය පාත‍්‍රවීම ඔබට දැනෙන්නේ කොහොමද?

ඇත්තටම මට සම්මානයක් ලැබෙයි කියල කිසිම බලාපොරොත්තුවක් තිබුනේ නෑ. මම ඕන වූනේ ඒ දවසේදී මගේ රංගනය උපරිමයෙන් කරන්න. එදා නාට්‍ය දර්ශනය අවසානයේ පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරයන්ගෙන් මට තේරුනා මම හොඳට මගේ කාර්යය කර තියෙනවා කියල. ඒ රංගනයට තමයි මේ සම්මානය ලැබුනේ. ඇගයීම සතුටක් වගේම අනික් පැත්තෙන් අපිට ලොකු වගකීමකුත් පැවරෙනවා ඒ තත්ත්වයට පවත්වාගෙන යාමට. කොහොම නමුත් මම කිසිම වෙලාවක මේ සම්මානය මට පීඩනයක් කරගන්නෙනං නෑ.

4

නාට්‍ය ක්ෂේත්‍රයට පැමිණීම සිදුවෙන්නේ කොහොමද?

මම ඉගෙන ගත්තේ නුගේගොඩ ශාන්ත ජොසප් බාලිකා විද්‍යාලයේ. ඒ කාලෙදි වැඩියෙන්ම අවධානය යොමුකලේ නර්තන විෂයට. මේ නිසාම මට 2008 වර්ෂයේදී සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව හිමිවෙනවා. එතනදී මම ප‍්‍රධාන වශයෙන් කථක් නර්ථනය තමයි හැදෑරුවෙ. ඇත්තටම මට නාට්‍ය ක්‍ෂේත‍්‍රයට යොමුවීමට ලොකු අදහසක් මගේ තිබුනේ නැහැ. මගේ ගායන සහ නර්තන හැකියාව නිසා තමයි මට මුලින්ම සුජීව ප්‍රියලාල්ගේ  ‘සෙනෙහෙබර ධනුද්ධර’ නාට්‍යයටත් සම්බන්ධ වීමට අවස්ථාව සැළසුනේ. ඒ මම සෟන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්නා කාලෙ. මේ නිමාණයේදී මට තිබුනේ ගායනයත් සමඟ නර්ථනයක් කරන්න. මේ නිර්මාණයට දායකත්වය ලබාදීමට යොමුවීමත් සමඟ මට නාට්‍ය නිර්මාණ වලට සම්බන්ධවීමට විශාල ආශාවක් ඇතිවුනා. කොහොමත් මම නාට්‍ය බැලීමට විශාල උනන්දුවක් දක්වන නිසා නාට්‍ය කියන මාධ්‍ය  මට ආගන්තුක දෙයක් උනේ නෑ.

ගිරිකූඨ කාශ්‍යප නාට්‍යයෙන් ඔබ ලබපු අත්දැකීම් මොනවද?

ඇත්තටම මට පුදුමාකාර අසාවක් තිබුනේ සංගීතමය නාට්‍යයකට සම්බන්ධ වෙන්න. මොකද මම විදේශීය රටවල්වල මේවගේ සංගීතමය නාට්‍යවල වීඩියෝ වලින් නරඹලා තියෙනවා. ඒ අවස්ථාව මට ගිරිකූඨ කාශ්‍යප නාට්‍යයෙන් උදාවීම ගැන මට විශාල සතුටක් තියෙනවා. මට පළමුවරට මේ වගේ නාට්‍යයක චරිතයක් නිරූපණය කිරීමේදී අත්දැකීම් නැති කමත් එක්ක ප‍්‍රශණ ගොඩක් ආව. එතනදී නාට්‍යයේ අධ්‍යක්‍ෂ අඛික සපුමල් සහ සංගීත අධ්‍යක්‍ෂ ලහිරු මාඩිවිල මට විශාල සහයක් ලැබුනා මේ චරිතය ගොඩනගාගන්න. ඒ වගේම අනෙකුත් ශිල්පීන්ගෙන් ලැබුණු දායකත්වයත් මම මේ මොහොතේ ගෞරවයෙන් යුතුව සිහිපත්කරනවා.

2A

හොඳම නිළිය කියන නම ලැබීම ඔබට දැනේනේ කොහොමද?

මට සම්මානය ලැබුනට පස්සේ ලොකු සතුටක් දැනුනා. දැන්නං ඒක සාමාන්‍ය දෙයක් වෙලා. ඒක ගැනම හිත හිත ඉන්න බෑනේ. මම මේ වෙනකොට අනුලා සුබසිංහගේ නාට්‍ය නිර්මාණයකට සම්බන්ධ වෙලා වැඩකරනවා. මම කොහොමත් හිතන්නේ එදා නාට්‍ය උළෙලේදී මම කරපු රංගනයට තමයි ඒ සම්මානය ලැබුනේ. ඒක ඉදිරියට පවත්වාගෙන යාම මගේ වගකීමක් වෙනවා. ඒ වෙනුවෙන් කැපවෙන්නත් වෙනවා මට.

ඔබ රංගනය හදාරා නොතිබීම ඔබේ රංගනය බාධාවක් වුනාද?

මම සාමාන්‍ය පෙළ විභාගයට නාට්‍ය හා රංගකලාව තමයි ඉගෙනගත්තේ. මම විශ්වාස කරන දෙයක් තමයි රංගන ශිල්පීන් බොහෝ දුරට ඉගෙනගන්නේ සමාජයේන් කියනඑක. හොඳ අධ්‍යක්‍ෂකවරුන් සමග වැඩකිරීමෙන්,ශිල්පීන් සමග වැඩකිරීමේන්, හොඳ නිර්මාණ ඇසුරු කිරීමෙන් තමයි රංගනය හෝ චරිතය ගොඩනඟා ගන්නෙ. මට මේ පරිසරය ලැබිල තිබුණු නිසා මට මේ කාර්යය කරගන්න පහසුවුනා.

3A

එතකොට විද්‍යාත්මකව රංගනය ඉගෙනගැනීම ගැන ඔබේ අදහස මොකද්ද?

රංගනයේත් තාක්‍ෂණික පැත්තක් තියෙනවා. ඒ අංශයේදී විද්‍යාත්මකව රංගනය හදාරා තිබීම වැදගත්වෙනවා. වේදිකාවේදී කට හඬ වැදගත් ස්ථානයක් ගන්නවා. එතනදී නිවැරදි තාක්‍ෂණයකට අනුව කට හඬ නිපදවීම වැදගත්. මේ වගේ නාට්‍යවලදී සෑම ක්ෂේත්‍රයකටම අදාළ තාක්‍ෂණික කාරණා සම්බන්ධයෙන් දැනුමක් තිබීම ශිල්පියෙකු විදියට ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍ය දෙයක්.

5

සම්ස්ත නාට්‍ය උළෙල ගැන ඔබේ අදහස මොකද්ද?

නාට්‍ය කලාවේ දියුණුව සඳහා මේ වගේ නාට්‍ය උළෙලක් සංවිධානය කිරීම ඉතාම වැදගත්වෙනවා. මොකද මේ වගේ නාට්‍ය උළෙලක් තරුණ නිර්මාණ කරුවන්ට තමන්ගේ නිර්මාණයන් පේ‍්‍රක්‍ෂකයා අතරට ගෙනයාමට වගේම තමන්ගේ හැකියාවන් පිලිබඳව හොඳ ඇගයීමක් ලබාගැනීමටත් අවස්ථාව උදාවෙනව. තරුණ නාට්‍ය කරුවන් බොහෝ දෙනෙක් තමන්ගේ තෘප්තිය වෙනුවෙන් නාටය නිර්මාණකරනයේ යෙදෙන අය, මේ අයට තමන්ගේ නිර්මාණකරණය සඳහා අවශ්‍ය දැනුම ලබාගැනීමට අවශ්‍ය අවකාශය රජයේ මැදහත්විම යටතේ ලබාදිමට පෙළඹෙනවා නම් ඒ අයට මීට වඩා තමන්ගේ දක්‍ෂතාවයන් ඔප් නංවා ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ කාර්යයත් නාටය උළෙලේ දිගු අංගයක් විදියට ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට යොමුවුනොත් දේශීය නාට්‍ය කලාවට මීට වඩා ඉහල තැනකට ඔසවා තැබීමට තරුණ පරපුරට හැකියාව ලැබෙනවා.

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *