Header

කාන්තාවක් කියන්නෙ සියුමැලි චරිතයක් වුණත් ඉතා ශක්තිසම්පන්න කෙනෙක්

By Nirasha Piyawadani
ගැහැණියකට රූමත්කම අාභරණයක්. නමුත් එය හුදෙක් සැරසිල්ලකට වඩා සමාජ අභිවෘධියට මං පාදන  අවියක් කර ගත හැකිනම්…. ඒ සංකල්පය ක්‍රියාවෙන් දිදුලවීමට උත්සහ කරන අපූරු රුවැත්තියක් තමයි චන්දි දෙල්වල.
 
2016 වසරේ ජාතික විවාහක රූ රැජිණ තරගයේ  සිව්වැනි ස්ථානය දිනාගනිමින්  ඇය අැමරිකාෙව් පැවති මිසිස් ඉන්ටර්නැෂනල් තරගය නියෝජනය කිරීමට වරම් හිමි කරගත්තාය. තම සොදුරු රුව හුදෙක්  සැරසිල්ලක් කර නොගෙන යම් සමාජමය වගකීමක් ඉටු කිරීමට මං පෙතක් කරගත් අයුරු චන්දි  ෙබාස්ටන් ලංකා වෙත හෙලි කළේ මෙලෙසින් .
12
 
ජාත්‍යන්තරයට ශ්‍රී ලංකා නාමය රැෙගන ගිය මිසිස් ඉන්ටර්නැෂනල් තරගෙයන්ම අපි කතාබහ පටන් ගමු?
එ් සම්බන්ධෙයන් මම ෙබාස්ටන් ලංකා අායතනයට පළමුව හද පිරි ප්‍රණාමය පුද කර සිටින්න කැමතියි. Mrs.International පැජන්ට් එක වෙනුවෙන් ලංකාව නියෝජනය කළ එකම ශ්‍රී ලාංකේය කාන්තාව මම. එය පැවැත්වුණේ ඇමරිකාවෙ.
මම වෘත්තීය නිරූපණ ශිල්පිනියක්  හෝ රගපෑම් ආදී කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. නමුත් වෘත්තීය මෝස්තර නිර්මාණ ශිල්පිනියක් සහ රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස දෙස් විදෙස් අත්දැකීම් මට තිබෙනවා. එනිසා මා මේ සියළු දෙස් විදෙස් තරග වලදී උකහා ගත් දැනුම අත්දැකීම් නැවුම්. මා එයින් ලැබූ පන්නරයත් බෙහෙවින් වටිනවා.
 
සහභාගී වූ එකම ශ්‍රී ලාංකේය කාන්තාව වශයෙන් සෙසු තරගකාරියන් තුළින් දුටු සුවිෙශ්ෂත්වයන්  මොනවද?
ඒ සියළුම රූමතියන්ගෙන් මම දැකපු විශේෂම දේ තමයි හැම කෙනෙක්ම තම තමන්ගෙ රටවල හෝ ප්‍රාන්ත වල ජනතාවට මහා පරිමාණයෙන් සමාජ මෙහෙවරක් කිරීමට ශ්‍රමය කාලය වැය කරන පිරිසක් වීම. ඔවුන් ඒ ඒ රටවල සමාජ සත්කාර්්‍යයන් සදහා වෙනම සංවිධාන පිහිටුවා ඒවා මෙහෙයවන ශක්තිමත් කාන්තාවන් වශයෙන් නමක් දිනූ පිරිසක්.   එවැනි පිරිසක් සමග රූ රැජිණ තරගයක් සදහා සහභාගී වීමට ලැබීමත් භාග්‍යයක්.
10
තරගයෙන් ඔබ ලැබූ පන්නරය ගැන සදහන් කළා. ඒ ගැන විස්තර කළොත්?
මෙම පැජන්ට් එක අවසානයේ අපි හැමෝම එකතු වෙලා සංවිධානයක් පිහිටුවා ගත්තා. එයට මූලිකත්වය දීමට මට හැකි වීම සතුටක්. එතනදි  දිනුවෙ කව්ද පැරදුණෙ කව්ද කියලා ඒ තරගයෙන් පසු කිසිසේත්  අදාල නැහැ.  සහභාගි වුණු සියළු රූමතියන් ඒ සදහා තමන්ගෙ සහයෝගීත්වය පළ කළා.
 
මෙවැනි සංවිධානයක් පිහිටුවීමේ අරමුණ වුනේ කුමක්ද?
මෙහිදී ධනවත් රටවල් වගේම අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් ආදී විවිධ තල වල තිබෙන රාජ්‍යයන් නියෝජනය කළ තරගකාරියන් සහභාගී වුණා. අපි සැවොම එක්ව පිහිට වූ මෙම සංවිධානය හරහා  රටවල් එකිනෙකා අතර සහයෝගිතාවක් ගොඩ නගාගෙන ඒ සබදතා වලින් රට රටවල ගැටළු වලට  හැකි අයුරින් උපකාර ලබා ගැනීමයි එහි අරමුණ. එම සංවිධානයේ වත්මන් සභාපතිනිය ලෙස මම කටයුතු කරනවා.
14
මේ වන විට ආරම්භ කර තිබෙන සමාජ සත්කාර්්‍යය මොනවද?
දැනට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය හරහා අවශ්‍යතා සහිත දිස්ත්‍රික්කයක් තෝරාගෙන එම ප්‍රෙද්ශයේ කාන්තා සංවිධාන ළමා සංවිධාන පොලිසිය යන විවිධ ඉසව් නියෝජනය කරන විසල් පිරිසක් ඒකරාශි කරගෙන ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියක් සම්බන්ධව වැඩ කරගෙන යනවා.  සමහර දිස්ත්‍රික්ක දිහා බැලුවොත් ඒ ඒ ප්‍රෙද්ශවලට විශේෂ වූ ප්‍රශ්ණ විවිධාකාරයි. සමහර පැතිවල මත්ද්‍රව්‍ය ගැටළුවක් වෙලා තිබෙනවා. තවත් පැතිවල නිසි අධ්‍යාපනයකට දරුවන් යොමු නොවීම. ඒ වගේම ගෘහස්ථ කර්මාන්ත සදහා හැකියාවන් පිරි කතුන් බල ගන්වන්නත් සැලසුම් සකස් කරගෙන යනවා. මේ සියල්ල දැවැන්ත ව්‍යාපෘති.
 
මේ තරගවලට සහභාගී වුණාට පස්සෙද සමාජ සේවයට හිත ගියෙ?
නැහැ. සාමාන්‍යෙයන් මම ඉස්සර ඉදන්ම මගේ මට්ටමෙන් පුළුවන් විදියට ළමුන්ට සහ කාන්තාවන් ට උදව් උපකාර කරපු කෙනෙක්. රූ රැජිණ කිරුළ හරහා හිමි වූ ජනප්‍රියත්වය සහ වර ප්‍රසාද අවිය කරගෙන සමාජ සේවා කටයුතු වඩාත් පුළුල්ව සිදු කිරීමට අවස්ථාව හිමි වීම භාග්‍යක් කියා සිතනවා.
17
පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මා මෙතෙක් දුර ආවෙ මගේ සැමියා දෙමාපියන් ඇතුළු පවුලේ පිරිසගෙන් ලැබෙන සහය නිසා. මගේ කාර්්‍යයබහුල බවට මුහුණ දෙන්නත් ඒ අය දෙන ශක්තිය ගොඩක් වටිනවා.
 
නිරූපණය, රංගනය හෝ  ජාත්‍යන්තරයේ වෙනත් රු රැජිණ තරග නියෝ්නය කිරීමේ අපේක්ෂාවක් නැතිද?
දැනටනම් එවැනි අපේක්ෂාවක් නැහැ. ප්‍රමුඛත්වය දී තිබෙන්නේ සමාජ සත්කාර හරහා කරන මෙහෙවර උපරිමයෙන් කිරීමට තමයි.
6
 
අනෙක් කාන්තාවන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
මම අභියෝග වලට ඉතාම කැමති කෙනෙක්.අභියෝග වලට මුහුණ දෙන තරමටයි තමන්ගෙ ශක්තිය තමන්ට දැන ගන්න ලැබෙන්නෙ.   කාන්තාවක් කියන්නෙ සියුමැලි චරිතයක් වුණත් ඉතා ශක්තිසම්පන්න කෙනෙක් බව වටහා ගන්න. මෙලොව කාන්තාවකට ජය ගත නොහැකි අභියෝගයක් නැහැ.
3--Retouched
aaaaaaaaaaaaaaaaa-1
 

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *