Header

අමාලි ඉන්දීවරී

2016 Miss Planet කිරුල දිනා ගනිමින් ශ්‍රී ලාංකිය නාමය ජාත්්‍යන්තරයට ගෙන ගිය ඇය අමාලි ඉන්දීවරී ය. Boston Lanka  අපි අද කතා කරන්නේ ඇයත් සමග.

අමාලි මොකද වෙන්නේ මේ දවස්වල?

මේ දවස්වල ගොඩක් busy වුනා. දැන් තමයි පොඩ්ඩක් relax වුනේ.මේ දවස්වල shows තිබුනා ගොඩක්.ceylon majestic pageant එකේ නිල විනිශ්ච මණ්ඩලයේ මම හිටියා. ඒවත් එක්ක ගොඩක් කාර්ය බහුල වුනා.

ඔබ අන්තර්ජාතිකව කිරුළු පැළදි කෙනෙක්. අපි පොඩ්ඩක් ඒ ගැන මතක් කරමු

මම 2016 වසරේ Miss planet වශයෙන් තේරී පත් වුනා. රටවල් 40කින් දිනලා ලංකාවට කීර්තියක් ගෙනාවා.

ඔබ රූ රැජිනක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්.ඔබ ජනප්‍රිය නර්තන කණ්ඩායමක නායිකාවක්.ඉතින් අපි ඒ ගැනත් කියමු

ඔව් ඇත්තෙන්ම 2009 දි තමයි Amali with star dancers  ඇකඩමි එක  මුලින්ම පටන් ගත්තේ.අපි indoor, outdoor shows වගේම මංගල අවස්ථා සහ ඕනම උත්සව අවස්ථාවක dance කරනවා.

ලංකාවේ බොහෝ නර්තන කණ්ඩායම් තිබෙනවා. ඒ අතරින් ඔබේ නර්තන කණ්ඩායම සිටින්නේ කොයි වගේ තැනකද?

ඇත්තටම මට කියන්න බැහැ අංක 1 කියලා. ඒක ප්‍රේක්ෂකයෝ තීරණය කරාවි. නමුත් ඉහල තැනක ඉන්නවා කියන්න පුළුවන්.විදේශ රටවල පවා shows වලට යනවා.

ඔබ ආගමට දහමට නැඹුරු කෙනෙක්ද?

අනිවාර්යයෙන් මම රෝමානු කතෝලික.ඒ නිසා මූලිකවම මම ඒකට ගරු කරනවා. ඒ වගේම බුදු දහමටත් මම ගරු කරනවා. මොකද මගේ පවුල මේ ආගම් දෙකත් එක්කම සම්බන්ධයි.

ඔබ මේ දේවල් වලට අමතරව රූපලාවන්‍යාගාරයක් පවත්වා ගෙන යනවා.කොහොමද මේ දේවල් හැමදෙයක්ම සමබරව කරගෙන යන්නේ?

මට මගේ අම්මයි අක්කයි දෙන්නම ගොඩක් උදව් කරනවා. අම්මා තමයි මගෙ secretary.

ඔබ සමාජ සේවයේ නිරත වෙන කෙනෙක්ද?

ඔව් ඇත්තෙන්ම. මම ලාදුරු ලෙඩ්ඩුන්ට ගොඩක් ආදරෙයි. ඇත්තටම එයාලා බලන්න මම නිතර යනවා. මොකද එයාලා සමාජෙන් ගොඩක් කොන් වුන අය.

මොනාද ඔයාගේ ඉදිරි වැඩ කටයුතු?

මගේම song එකක් කරනවා music video එකක් එක්ක

ඔයා පෙම්වතියක්ද?

මම පෙම්වතියක් වෙලා හිටියා. නැහැ කිව්වොත් ඒක බොරු. දැන් අවුරුදු දෙකකට කලින්. ඒත් දැන් මම තනිවම ඉන්නවා.

 

  By:   රුවිනි කෞශල්‍යා   

 

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *