Header

කොෂි පෙරේරා

නිරූපන ක්ෂේත්‍රෙය් දිගු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් සිටින ඇයත් සමග බොස්ටන් ලංකා අපි අද කතා කරන්න හිතුවා. ඇය නමින් කොෂි පෙරේරා.

ඉතින් කොෂි මේ දවස් වල මොනාද වෙන්නේ?

Photoshoot කිහිපයක් කලා. ඒ වගේම මම කළමනාකරණ උපාධියක් හදාරමින් සිටිනවා. එහි අවසන් අවුරුද්ද පසු කරමින් ඉන්නවා.

ඇයි ඔයා නිරූපිකාවක් වෙන්න ඕනි කියලා හිතුවේ?

මට තේරෙන වයසේ ඉදලා ලොකු කැමැත්තක් තිබුනා. මට දැන් අවුරුදු 24ක් වෙනවා. මගේ අධ්‍යාපන කටයුතුත් දැන් අවසන් අදියරේ තියෙන නිසා මට හිතුනා.

මේ කටයුතු වලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ අම්මියි තාත්තියි අක්කලා දෙන්නයි මට ලොකු සහයෝගයක් දෙනවා.එයාලගෙන් කිසිම බාධාවක් නැහැ.

නිරූපිකාවක් විදියට ඔබ දායක වූ කලා කටයුතු මොනවද?

Ceylon majestic pageant එකේ අවසන් 30 දෙනා අතරට මම තේරී පත් වුනා.ඇත්තටම මට ඒ ගැන සතුටුයි.

ක්ෂේත්‍රය තුල ඉලක්ක මොනවද?

හොද දේවල් තුලින් දිගු ගමනක් යන්න තමයි මගේ බලාපොරොත්තුව.

අනාගත බලාපොරොත්තු මොනවද?

මට music videos tv commercials වලට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවටත් දායක වෙමින් නිරූපන ක්ෂේත්‍රයත් දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

By:   රුවිනි කෞශල්‍යා

 

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *