Header

“ගමේ අහිංසක ගැමි චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නවා”

මේ දිනවලදී හාස්‍ය උත්පාදන රංගනයන් තුලින් ඔබ වෙත පැමිණෙන ලක්මිණී කරැණා ආරච්චිත් සමගින් බොස්ටන් ලංකා අප කල සංවාදයකි.

ලක්මිව හදුන්වලා දෙන්න පුළුවන් හොදම විදිය මොකක්ද?

මම සිනමාවෙන් තමයි රගපෑමට එකතු වෙන්නේ. ඒ නිසා සිනමා නිලියක් කිව්වොත් හරි.

මොකද වෙන්නේ මේ දවස් වල?

චිත්‍රපටයක් කලා වැඩ බැරි ටාසන් 3. ජයන්ත චන්ද්‍රසිරි මහතාගෙත් එරංග සේනාරත්න මහතාගෙත් චිත්‍රපටි දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා.

ඔබ මෙතෙක් දායක වූ චිත්‍රපට මොනවද?

එයා තමයි මෙයා  චූටික්කි  ජොබ් ලස් ඩග්ලස්  පාටක් නැති ආදරයක්  වැඩ බැරි ටාසන්

ඔබ එකම චරිත වලට කොටු වෙලා කියලා හිතෙන්නේ නැහැද?

ඇත්තටම දැන්නම් එහෙම හිතෙනවා.

ඉස්සරහට කරන්න කැමැත්තෙන් ඉන්න විශේෂ චරිතයක් එහෙම තියෙනවද?

ගමේ අහිංසක චරිතයක් කරන්න කැමතියි.

රගපාන්න අවස්ථාව හිමිවුනේ කොහොමද?

ටෙනිසන් කුරේ අයියා තමයි මට ආරාධනා කලේ මුලින්ම

වේදිකාවට කැමැත්තක් නැද්ද?

වේදිකාවට ආරාධනා ගොඩක් ලැබුනා. දැනට දෙකක් බාරගෙන තියෙනවා.

ඔබ වෘත්තීය රංගන ශිල්පිණියක්ද?

නැහැ වෘත්තියෙන් මම ගණකාධිකාරිනියක් වශයෙන් පුද්ගලික ආයතනයක සේවය කරනවා.

කොහොමද ඔබ රගපෑම් කටයුතු වලට කාලය වෙන් කර ගන්නේ?

ගොඩක් වෙලාවට සති අන්තේ තමයි රූපගත කිරීම් කරන්නේ. සති මැද රූපගත කිරීම් යෙදුනොත් ආයතනය දැනුවත් කරලා නිවාඩු ලබා ගන්නවා.

මේ වෙනකොට ඔබ පෙම්වතියක්ද?

ඔව් ඔහු ව්‍යාපාරිකයෙක්

By:   රුවිනි කෞශල්‍යා

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *