Header

වෙනස් ආකාරයේ චිත්‍රපටයක රඟපෑමට ආරාධනා ලැබුණා

ඇය නමින් රුචිකා හර්ෂණී අමරසිංහය.කැලණිය ධර්මාශෝක විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හමාර කළ ඇය මේ වන විට නව පරපුරේ නැගී එන නිළියක් වන අතරම නිරූපිකාවක්ද වෙයි. මේ දින වල විකාශනය වන ලව් යු බොස් ටෙලි නාටකයේ සේම ඉදිරියේදී විකාශනය වීමට නියමිත සමන් කුමාර ලියනගේ මහතා අධ්‍යක්ෂණය කළ පාලී ටෙලි නාට්‍යයේද ඈ රංගනයෙන් දායක වේ.

රුචිකා කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ ?

පාසල් යන කාලේ ඉඳලා නාට්‍ය සහ නර්තනයට ඇළුම් කළා.ඒ එක්කම මුලින්ම නාට්‍ය පිළිබඳ ඉගෙනගන්න ජේ.ඒ.ඩී පෙරේරා ගුරුතුමා අත්වැල ලබාදුන්නා.පස්සේ අජිත් පෙරේරා ගුරුතුමාගේ මඟ පෙන්වීම යටතේ වෙළද දැන්වීම් සඳහා පෙනී සිටින්න අවස්ථාව ලැබුණා.

සංගීත වීඩියෝ වලට සම්බන්ද වෙන්නේ කොහොමද ?

සිරස ටීවී එකේ අසංක අයියා අන්දුනගෙන එයාගෙන් තමයි මුලින්ම විශුවල් එකට සම්බන්ද වුනේ. මේ දිනවල ජනප්‍රිය “පපුවට හුරු නැති ආදරේ” ගීතයට කරපු විශුවල් එක තමයි මගේ මුල්ම සංගීත වීඩියෝව

නවක රංගන හා මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙස ඔබ හිතනවද රංගනය හෝ මොස්තර නිරූපණ ක්ෂේත්‍රයේ අත්දැකීම් හා රූප ස්වභාවය පමණක් ප්‍රමාණවත් කියලා ක්ෂේත්‍රයේ ‍රැදෙන්න?

නෑ මම එහෙම කියන්නේ නෑ.අනිවාර්යයෙන්ම ඒ දේවල් පිළිබඳ නිසි අධ්‍යයනක් හැදෑරීමක් තිබිය යුතුමයි කියන ස්ථාවරයේ මම ඉන්නවා.ඒත් ඒ එක්කම රූපයත් අවශ්‍යයි.ඒත් මම කියන්නේ නෑ රූපය මත පදනම් වෙලා පමණක් සෑහීමකට පත් වෙන්න පුළුවන් කියලා.රූපය,උගත්කම එක්කම පැහැදිලි ලෙසම බුද්ධියත් තිබීම අත්‍යාවශ්‍යයි කියලා මම හිතනවා

නවක නිරූපණ ශිල්පිණියක් හෝ නිළියක් ක්ෂේත්‍රයට පැමිණෙනකොට පවසන දෙයක් තමයි ලිංගික අල්ලස්,ලිංගික බලපෑම් එල්ලවෙනවා කියන එක.මේ ගැන ඔබේ අදහස මොකක්ද ?

ඔව් ඒ කතාවේ ඇත්තක් තියෙනවා.සාමාන්‍යයෙන් ක්ෂේත්‍රය පවතින්නේ පුරුෂාධිපත්‍යය එක්ක.ඉතින් කාන්තාවන් වැඩ කළත් අපේ රටේ බොහෝ ක්ෂේත්‍ර වල වගේම කලා ක්ෂේත්‍රයේ බලය තියෙන්නේත් පුරුෂයන් අතේ. පෞද්ගලිකව මම කරපු වැඩ වලින් එහෙම බලපෑම් වෙලා නෑ.

ටෙලිනාට්‍ය හා චිත්‍රපට වලට සම්බන්ධ වීම පිළිබඳව කතා කළොත්

මේ දිනවල සියත නාලිකාවේ විකාශනය වන “ලව් යූ බොස්” ටෙලි නාට්‍යයේ මම රංගනයෙන් දායක වෙනවා.ශ්‍රියන්ත මෙන්ඩිස් වැනි ප්‍රවීනයන් හා එක්ව රඟපාන්න ඒ නාට්‍යය නිසා මට හැකියාව ලැබුණා.ඒ වගේම සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක් වන සමන් කුමාර ලියන ගේ මහතාගේ “පාලී” ටෙලිනාට්‍යයේද රඟපෑමට මට වාසනාව ලැබුණා.මම හිතනවා ඒක මගේ රංගන ජීවිතයේ මට ලැබුණ වටිනා අවස්ථාවක් කියලා.චිත්‍රපට ගැන කියද්දී මේ වෙනකොට කලාත්මක සිනමා කෘතියක ප්‍රධාන චරිතයක් නිරූපණය  කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා.නවක අධ්‍යක්ෂකවරයෙක්ගේ කුළුදුල් නිර්මාණයක් ඒක.මම හිතනවා වෙනස් ම රටාවක වෙනස් ආකාරයේ නිර්මාණයක් වෙයි කියලා.ලබන අගෝස්තු මාසයේ ඉඳලා චිත්‍රපටයේ රූපගත කිරීම් පටන්ගන්නවා

විශේෂයෙන් ස්තූති කළ යුතු අය ඉන්නවද ?

මට උදව් කරපු හැම කෙනාටම ස්තූති කරනවා.විශේෂයෙන්ම අම්මාට මගේ පුංචිට,අසංක අයියට,අජිත් සර්,පාසල් යනකාලේ නාට්‍යය උගන්නපු සර්,ඉනෝකා අක්කාට,මගේ ඥාති සහෝදරියට සහ සහෝදරයට මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන

සංඛ රඹුක්වැල්ල

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *