Header

සජීව සංකල්ප දසනායක

සිනමා අධ්‍යක්ෂණයෙනුත් කැමරාකරණයෙනුත් දිගු ගමනක් යන්නට බලාපොරොත්තුවෙන් සිටින සජීව සංකල්ප දසනායකත් සමගිනුයි බොස්ටන් ලංකා අපි අද කතා කරන්නේ.

සජීව කොහොමද ඉතින්?

හොදයි. අලුත් film එකක් කලා. එකේ වැඩ කටයුතු අවසන් කලා.

අලුත් නිර්මාණ මොනවද?

යම රජ සිරි film එකේ වැඩ කටයුතු අවසන් කලා. බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ මහතා අවුරුදු 12 කට පසු එකට රගපානවා. කලාකරුවන් 22 ක් මෙහිදී රංගනයෙන් දායකත්වය සපයනවා.

ඔබ මේ සම්මාන බලාගෙන යන ගමනක්ද?

නැහැ. ඒත් මට රාජ්‍ය සම්මාන ලැබිලා තියෙනවා.

මෙතෙක් ආ ගමන ගැන ඹබ තෘප්තිමත් ද?

ඔව් ඇත්තෙන්ම. මම මුලින් කළේ music. Music band වල මම play කළා. අවුරුදු 18ක් මම දැන් ක්ෂේත්‍රයට ඇවිත්. දැනට ටෙලිනාට්‍ය 48 ක් සහ චිත්‍රපට 12 ක් කළා.ඒ ගැන හිතනකොට ඇත්තටම සතුටුයි.

ඔබ අලුත් පරපුරේ අයට අත දෙනවද?

ඔව් ඇත්තටම අත දෙනවා.අපේ පරම්පරාවේ අය එක්ක ගොඩක් වැඩ කරනවා. ඒ වගේම ප්‍රවීණයන් සමගත් වැඩ කරනවා සහ ඔවුන්ගේ අදහස් වලට ගරු කරනවා.

ප්‍රේක්ෂකයින් දැන් සිනමාවෙන් ටිකක් ඈත් වෙලා කියලා හිතෙන්නේ නැහැද?

ම්ම්.. ඔව් දැන්නම් ටිකක් එහෙම හිතෙනවා.

ඒවට හේතු ලෙස ඔබ දකින්නේ මොනවාද?

ඇත්තටම මට නම් හිතෙන්නේ සිනමා නිර්මාණාත්මක ප්‍රශ්න යි. ඒ වගේම සිනමා ශාලාවල තිබෙන යම් යම් ගැටලුත් බලපා තිබෙනවා. මගේ අදහසක් තියෙනවා ඉස්සරහට සිනමා ශාලා නවීකරණය කිරීමටත් සහ ගුණාත්මක භාවය වැඩි කිරීමටත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට.

By:   රුවිනි කෞශල්‍යා

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *