Header

සුරාජ් මාපා

‘මගේ සඳ ඔබ’ ටෙලි නාට්‍ය තුලින් කලා ලෝ කයට පිවිසි ඔහු ‘ඕලු’ ටෙලි නාට්‍ය තුලින් දස දහස් යෞවනියන්ගේ සිහින කුමරා බවට පත් විය.

සුරාජ් මාපා දක්‍ෂ රංඟන ශිල්පියෙක් වගේම ඉතාමත් දක්‍ෂ නර්තන ශිල්පියෙකි.බටහිර නර්තන කලාව මෙන්ම උඩ රට නර්තනයද ඔහුට හුරු දෙයකි.

කලා ලොව තුල සම්මාන වලින් පිදුම් ලබමින් පුරා දශකයකට වැඩි කාලයක් රසික ආදරය ලබමින්, තිරයේ රැදී සිටින සුරාජ් මාපා නිහතමනි හා කාටත් උදව් කරන චරිතයක් ලෙස ඔහුගේ පෞද්ගලික ජීවිතයේ වගේම, කලා ලෝකයේද හදුනා ගෙන ඇත. 

suraj3

1)ඉතින්  සුරාජ් කොහොමද මේ දවස්වල?

මේ දවස් වල  හොඳින් යනවා , ජීවිතේ අවුලක් නැ.

2)සුරාජ් ඔයාගේ මේ ගමනේ ආරම්භය පිළිබඳව අපි කතා කලොත් ?

පාසැල් අවදියේ සිටම ඔබ  ක්‍ෂේත්‍තුලින් දක්‍ෂතා පෙන්නුම් කළාද?එහෙමත්

නැත්නම් මම ඇහුවොත් පුංචි කාලේ ඉදන් තිබුනු හීනයක්ද මේ  සැබෑ උනේ කියලා,මම නිවැරදිද?

පොඩි කාලේ හීනයක් තිබුනා ඇත්තටම, ඒත් නලුවෙක් වෙන්නම කියලා අඳහසක් තිබ්බෙ නැ.ඒත් මම හතරේ , පහේ ඉද්දි මගෙ එහා පත්තේ හිටියා යාලුවෙක්, එයාට මාර ආසාවක් තිබ්බා නලුවෙක් වෙන්න. ඉතින් එයා හමදාම කියනවා , එයාට නලුවෙක් වෙන්න ඕනේ කියලා, ඉතින් ඒක මගෙ හිතටත් ආවා.ඒත් නලුවෙක් වෙන්න ඔනෙමයි  කියලා හිතිල තිබ්බෙ නැ.ඒත් model  කෙනෙක් වෙන්න, dancer  කෙනෙක් වෙන්න ලොකු උවමනාවක් තිබ්බා.

3) සුරාජ් ඔබ මේ ක්‍ෂේත‍රයට  අවතීරනය වුයේ කෙසේද? එය අහම්ඹෙන්  උන

දෙයක්ද එහෙමත් නැත්තම් කාගේ හරි උදව්වක් ඇතිව වූ දෙයක්ද?

ඇත්තටම කියනව නම් මම Modling වලට පොඩ්ඩ පොඩ්ඩ සම්ඹන්ඳ උනා ඊට පස්සෙ music vedios හම්බ උනා,paper covers  වලට ඉන්න  හම්බ උනා, ඒත් මට ගොඩාක් ලොකු ආසාවක් තිබ්බා dancing  කරන්න මොකද මගෙ  family  එකම   dancing වලට සම්ඹන්ඳයි .ඉතින් මම   dancing ඉගෙන ගත්තා. ඒත් මට ඕනේ උනේ වෙනස් විදියකට කරන්න so I learnt Latin American dancing.

එත්  මෙහෙම ඉද්දි   මම තේරුම් ගත්තා එහෙම ඉඳලා බැ කියලා. Reality is we need money, ඊට පස්සේ ඔක්කොම  giveup  කරල job එකක් පටන් ගත්තා. I worked in a communication company. ඒත් මෙහෙම  ඉද්දි ඉෂාන්‍ කියලා මගෙ යාලුවෙක්ගේ මර්ගයෙන් මට ආයෙමත් රඟපාන්න chance එකක් ආවා. එහෙම තමා මගෙ first drama එක මට හම්බ වුනේ.එ තමා “මගේ සඳ ඔබ”  .ඉතින් ඒක අහම්ඹෙන් වුන දෙයක්. ඇත්තටම කියනව නම් මම දැනගෙන හිටියෙ නෑ මට දුන්නේ main role එක කියලා shooting  කරනකම්ම.ඉතින් මම හිතන්නෙ ඒක අහම්‍බයක්.

suraj2

4)ඔබ රංඟන  ශිල්පියෙක් වගේම ඉතාම දක්‍නර්ථන ශිල්පියෙක් .ඔබ කොහොමද ඒ ගන විස්තර කරන්නේ?

ඇත්තටම acting කියන එක මම දනගෙන තිරයට අවෙ නැ. මම train වෙලා ආපු actor කෙනෙක් නෙවේ.ඒත් මම acting  කරන ගමන් හැමදේම ඉගෙන ගත්තා. Acting,producing,camera.mekeup මම හැමදේම වගෙ ඉගෙන ගත්තා, මම කොහොමහරි production කරන්නත් ගත්තා. Editing අරුනම මම හැමදේම වගෙ කරලා තියෙනවා.ඉතින් මම හිතන්නෙ දැන් තමා මට ක්‍ෂේතරය තුල හොද අවබොදයක් තියෙන්නෙ.ඒත් හුගක් වෙලාවට මට හම්බ වුනේ එකම වගේ චරිත. ඉතින් ඉදිරියෙදි බලාපොරොත්තු වෙනවා වෙනස් චරිත තුලින් හොද නිර්මාන වලට සම්බන්ඳ වෙන්න.

ඒත් dancing ගත්තම වෙනස් .එක මම train වෙලා කරන දෙයක්.I started Latin American dancing since I was twenty. මම උඩ රට නැටුම් කලාවත් කරනවා. මම වෙස් තියලා Kandian dancing කරනවා.It’s not easy but I like it. I love dancing.

suraj-4

5)රැල්ලත් සමඟ හුඟාක් නලු නිලියන් තිරයට ආවත් දිගු කාලයක් රැදී ඉන්නේ අතලොස්සක් පමනණයි.නමුත් සුරාජ් ඔබ පුරා දශකයකටත් වැඩි කාලයක් රසික ආදරයදිනා ගනිමින් රැදී සිටිනවා.මෙයට විශේෂ හේතුවක් තියෙනවද? පිලිබඳ ඔබේ අදහස කුමක්ද?

මෙහෙමයි ඉතින් ලේසි නැ. එත් ටිකක් මහන්සි උනොත් තිරයට එන්න පුලුවන් එත් තිරයෙ රැදි ඉන්නවා කියන එක ඊට වඩා ගොඩාක් අමාරුයි.කොහොමත් ඉපදෙන්න ලේසි ,මැරෙන්නත් ලේසි එත් ජිවත් වෙන එකනෙ අමාරු. ඒ වගෙ තමා ඉතින්.තිරයෙ රැදි ඉද්දි අපි හැම තිස්සෙම  update වෙන්න ඕනේ. අපි ඉගෙන ගන්න ඕනේ,අපි අපේ look  එක , personality එක පරිස්සම් කර ගන්න ඕනේ.ගොඩාක් වෙලවට actors උනාම ජනතාව අපිට ආදරෙයි. අපි දනගන්න ඕනේ එක පරිස්සම් කර ගන්න. ඒ දේ අපි misuse කරන්න හොද නෑ.එ වගේම අපි අපේ status කියන එක maintain  කරන්න ඕනේ.

6)ඔබ චරිත තෝරා  ගැනීමේදි විශේෂයෙන් සැලකිලිමත් වන කරුණු තියෙනවද?

මෙහෙමයි ඉතින් ඉස්සර වෙලාම script එක කියවනවා.චරිතයට කැමති හිතුනොත් තමයි බාර ගන්නේ

7)කුඩා තිරයේ  වගේම පුලුල් තිරයෙත් ඔබ සම්බඳ වී තියෙනවා.ඔබ රඟපෑ

චිත්‍රපටි පිලිබඳව අපට විස්තර කරන්න පුලුවන්ද?

Films නම් පහක් විතර තමයි කරල තියෙන්නෙ එත් ඔක්කොම කලේ  හැමෝටම එකට ඉදන් බලන්න පුලුවන් family movies .

suraj7

8) මේ දිනවල ඔබ නව නිර්මාන වලට සම්බඳ වි සිටිනවාද?

ඔව් නිර්මාන කීපයකට සම්බන්ඳ වෙලා තියෙනවා.ටෙලි නට්‍ය දෙකක විතර රුප ගත කිරිම් වලට සම්බඳ වෙලා ඉන්නවා.ඉදිරියෙදි films වලට සම්බඳ වෙන්න හිතාගෙන ඉන්නවා. මොකද හමදාම ටෙලි නාට්‍ය වලම විතරක් රඟපාන්න බෑ, පුලුල් තිරයට යනවා කියන්නෙ ඉදිරියට යාමක් විදියටයි මම හිතන්නෙ.

9)‍ ලාංකීය ටෙලි නාට්‍හා චිත්‍රපටි කලාව පිලිබඳ ඔබේ අදහස කුමක්ද?

ඇත්තටම අපිට තියෙන්නෙ හරිම උසස් ටෙලි නාට්ය කලාවක්. ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕනේ.අපේ සමහර නාට්ය films වල  මට්ටමටම තියෙනවා.දිමුතු මුතු,ගම් පෙරලිය,පලිඟු මැනිකේ වගේ නාට්ය ගත්තම එ තත්වෙන්ම තිබුනා. තාමත් ඒ වගේ හොද නාට්ය කෙරෙනවා.

ඒත් problem  එක වෙලා තියෙන්නෙ හොද නට්ය තියෙද්දි නලිකා වලින් ඉන්දියාවෙන් නාට්ය ගෙනත්  telecast කරනවා.ඉතින් ජනතාව ඒවට ඇදෙනවා.ඉතින් අපේ කලා ලෝකට හානියක් තමා ඒකෙන් වෙන්නෙ .මොකද හොද නට්‍යක් කලාට ගොඩාක් වෙලාවට හොද නිෂ්පාදක කෙනෙක් හොයා ගන්න බැරි වෙනවා. ඉතින් සමහර වෙලාවට හොද  directors ලා  field එක දාලා යනවා. ඉතින් මම කියන්නෙ අපේ කලාව රැක ගන්න කියලා තමා.අපේ දේවල් වලට මුල් තැන දීලා ඒවා දියුනු කර ගන්න පුලුවන්නම් අපිට ඉතාමත් උසස් කලාවක් බිහි කරන්න පුලුවන් .එ වගේම ඒ උසස් බව හමදාම රැක ගන්නත් පුලුවන්.

10)ඔබගේ පවුල පිලිබඳව හා ඔබේ ජීවිතේ වදගත් පුද්ගලයන් පිලිබදව වගේම

ඔබට මේ තැනට එන්න උදව් කල පුද්ගලයන් පිලිබදව විස්තර කරන්න පුලුවන්ද?

ඇත්තටම මගේ family  එකේ කට්ටිය මගේහැම දේටම ඉන්නවා . මගේ අක්කලා දෙන්නම ඉන්නෙ  පිට රට වල. මට මොනහරි උවමනා උනොත් එයාලා මට එවනවා.ඒ වගේම මගෙ හැම දේටම ඉන්නෙ එයලා තමා. එ වගේම මට හොද යලුවො set එකක් ඉන්නවා. මගේ අම්මා ඉන්නවා.So I think I am blessed.

11)විවහය හා ආදරය පිලිබඳ ඔබේ අදහස කුමක්ද?

විවහා වෙන්න ඕනෙ, එත් මම කමති නෑ විවහා වෙන්නම් වාලෙ විවහ වෙන්න. මට ඕනේ මට එකට ජිවත් වෙන්න පුලුවන් මට හොදටම ගලපෙන කෙනෙක් එක්ක විවහ වෙන්න.

12)බොහොමයක්  දෙනා අද උපන් දින සාඳ පැවත් වීමට ලොකු උත්සව ශාලා තෝරා ගන්නවා , නමුත් සුරාජ් ඔබ බොහෝ විට තෝරා ගන්නේ වැඩිහිටි නිවාස , ලමා නිවාස වගේ තැන් කියලා අහලා තියෙනවා.මෙයට විශේෂ හේතුවක් තියෙනවද?

අද ගොඩාක් කට්ටිය ආගම අඳහන්නෙ හරි අවබෝදයක් නැතිව. එත් මගේ ආගමට අනුකුලව මම හිතන්නේ, අපි දෙන විදියට තමා අපිට හම්බ වෙන්නේ  කියලා, ඒක තමා හේතුව.වෙන කිසිම දෙයක් නෙවෙ, famouse වෙන්න කියලා එහෙම හිතාගෙන කරන දෙවල් නෙවේ, ඒ දේවල් මම හිතන විදියට අපිට කාව හරි සතුටු කරන්න පුලුවන්නම් ඒක අපිට ලැබෙන උතුම් සතුටක්.

13)අවසාන වශයෙන් ඔබේ අනාගත බලාපොරොත්තු පිලිබඳ අපට පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද?

අනාගත බලාපොරොත්තු කියන්නේ ඉතින් මටත් තියෙන්නෙ හැමෝටම තියෙනව වගේ බලපොරොත්තුවක් තමා,ලස්සන family එකක් හදාගෙන ලස්සනට  ලමයි එක්ක හොඳ ජිවිතයක් ගෙවන්න.End of the day හොඳ family time එකක් විදින්න පුලුවන්  විදියට ජිවත් වෙන්න.Industry එක පැ ත්තෙන් ගත්තොත් අපිට බෑනේ  හැමදාම ආදරවන්තයගෙ චරිත රගපාන්න.

මොකද අපිත් වයසට යනවා, ඉතින් මට ඕනේ හොද director කෙනෙක් ,producer කෙනෙක් විදියට ඉදිරියට යන්න.

 

Article by : Nathasha Kannangara

 

You may also like ...

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *